අනවසරයෙන් ළග තබාගෙන සිටින ගිනි අවි භාරදීම සඳහා සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව බලපත්‍ර නොමැතිව ළග තබාගෙන සිටින ගිනි අවි ලබන ජුලි 31 වනදාට පෙර ළගම පිහිටි පොලිස් ස්ථානයට භාර දිය හැකිවනවා.

අදාළ කාලයෙන් පසුව දිවයිනම ආවනරණය වන පරිදි අනවසර ගිනිඅවි ලග තබාගෙන සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ.

දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ පසුගිය සති කිහිපය තුළ සිදුවු වෙඩි තැබීමේ සිද්ධීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content