මහවැලි ගගට හැටන් සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා හැටන්ඔයේ බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු හැටන් පොලිසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන්ඔයේ ෂැනන් වත්ත ප්‍රදේශයෙන් විශාල වලවල් හාරා ශබ්දය පිටතට නොඑන සේ ජලය ඉසින වතුර මොටරයක් උපයෝගි කරගෙන මෙම මැණික් ගැරිම සිදු කර ඇති බවත්, විදුලි මොටරයට අවශ්‍ය විදුලිය අසල නිවසක සිට ඉතා සුක්ෂම ලෙස රැගෙන තිබු බවයි වැටලීම සිදු කල පොලිස් නිලධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ සහ කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර සැකකරුවන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි වැටලිම සිදු කල හැටන් පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

WhatsApp Group

Skip to content