සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අද දිනයේදී අවසන් තීරණයක් ගනු ඇති බව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් පවසනවා.

විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා සදහන් කළේ සිය වෘත්තිය ගැට`ඵ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සමග ඊයේ දිනයේදී ද සාකච්ඡාවක් පැවැත් වූ බවයි.

එම සාකච්ඡාවේදී එකඟ වූ කරුණු සම්බන්ධයෙන් අද දිනයේදී සිය වෘත්තිය සමිති නියෝජිතයින් සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද දැනුම් දෙන බව ධම්මික එස්. ප්‍රියන්ත මහතා වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content