හලාවත – පුත්තලම මාර්ගයේ ජයබිම ප්‍රදේශයේ සිදුවූ අනතුරක් හේතුවෙන් කාන්තාවක් මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සුඛෝපභෝගී බස් රථයක් අත්ට්‍රැක්ටරයක ගැටීමෙන් අද අලුයම මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් මියගොස් ඇත්තේ මගුරන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි කාන්තාවක්.
ඇත තවත් පිරිසක් සමග පොසොන් සිරි නැරඹීම සඳහා ගොස් පැමිණෙමින් සිටියදී අදාළ අනතුරට මුහුණ පා තිබෙනවා.
සෙසු තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

මේ අතර මැදවච්චිය – තලෙයිමන්නාරම මාර්ගයේ 57 වන කිලෝමීටර කණුව ආසන්නයේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 72 හැවිරිදි කාන්තාවක මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content