මොරවක අලපදෙණිය ප්‍රදේශයේ දී මෝටර් රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් අඩි 25 ක් පමණ ඉවතට පැන නිවසක වහලය මතට වැටී සිදු වූ අනතුරකින් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මොරවක පොලිසියේ රථවාහන අංශය පවසයිග

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය නෙළුව දෙස සිට මොරවක දෙසට ගමන් කරමින් සිට ඇතග අනතුරින් නිවසේ වහලයේ සෙවිලි තහඩු කිහිපයකට හානි සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරයිග

WhatsApp Group

Skip to content