දක්ෂිණ අධිවේගයේ 61වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී අද අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ඉන්ධන බවුසරයක් මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

මේ හේතුවෙන් කොළඹ දෙසට ධාවනය වන එක් මංතීරුවක් අවහිර වී ඇති අතර, කොළඹ දෙසට ගමන් කරන වාහන අනෙක් මංතීරුවෙන් ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content