අධිවේගී මාර්ග භාවිතයේදී වාහනවල යෝග්‍යතාව පිළිබඳ වැඩි සැළකිල්ලක් දක්වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා.

 

පසුගිය දිනවලදී පමණක් අධිවේගී මාර්ග ආශ්‍රිතව අනතුරු 53ක් වාර්තා වූ බවයි එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ.

 

අලුත් අවුරුදු සමයත් සමග මේ දිනවල අධිවේගී මාර්ග භාවිතය ඉහළ ගොස් ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් කටයුතු කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා රියදුරන්ට වැඩිදුරටත් දැනුම් දෙනවා.

WhatsApp Group

Skip to content