අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු සහ කළමනාකරණ කටයුතු අද සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ පෞද්ගලික අංශය වෙත පවරා දී තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව සිදුකරන නීතිමය හා මූල්‍යමය ශක්‍යතා අධ්‍යයනයකින් පසු මාස 6 ක් ඇතුළත අදාළ සියලු වත්කම් ඔවුන්ට පැවරීමට ද නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

අධිවේගී මාර්ගය, අධිවේගී මාර්ග සතු ඉඩම් සහ අදාළ කාර්යමණ්ඩලය වාණිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීමට තීරණය කර ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content