අධිවේගී මාර්ගවල පෙරේදා දිනයේ ආදායම සියයට 40කින් පමණ වැඩි වී තිබෙනවා.

අධිවේගී මාර්ගයේ පසුගිය 22 වැනි දා වාහන එක් ලක්ෂ 40,791 පමණ ගමන් කර ඇති අතර, ආදායම රුපියල් හාර කෝටි හැට හතර ලක්ෂ 57,600ක් පමණ වන බයි වාර්තා වන්නේ.

මේ අතර පෙරේදා දිනයේදී වාහන එක් ලක්ෂ 45,503ක් පමණ ගමන් කර ඇති අතර, එහි ආදායම රුපියල් පන් කෝටි එක් ලක්ෂ 74,550ක් පමණ වන බව සඳහන්.

ඒ අනුව පෙරේදා දිනයේ ආදායම මෙතෙක් අධිවේගී මාර්ගයේ දිනක ලැබූ වැඩිම ආදායම වන අතර, එය සාමාන්‍ය දිනක ආදායම මෙන් සියයට 40ක පමණ වැඩි වීමක් බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content