අධිවේගී මාර්ගයන්හි ටිකට් නිකුත් කිරීම හා මුදල් අය කිරීමේ රාජකාරීවලින් අද දිනයේ ඉවත් වන බව සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය පවසනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි එම සංගමය සදහන් කලේ .

සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය පවසන්නේ මේ පිළිබදව බලධාරීන් කොතෙක් දැනුවත් කළ ද විසඳුමක් නොලැබුණු බවයි.

කෙසේ වෙතත් එම රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා හමුදා නිලධාරීන් යෙදීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content