දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් කන්දක් නායයෑම හේතුවෙන් එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

පින්නදූව සහ ඉමදූව අතර 102 වන කිලෝමීටර් කණුව ආසන්නයේ මාර්ගය දෙපසම කඳු මෙලෙස නායගොස් තිබෙනවා.

එම කඳු ප්‍රදේශවල ඉහළ සිටින පදිංචිකරුවන් කඩිනමින් ආරක්ෂිත ස්ථානය කරා යොමුවන ලෙසත් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටිනවා.

WhatsApp Group

Skip to content