අධිවේගී මාර්ගවල අභ්‍යන්තර ආරක්ෂක කටයුතු රක්නා ලංකා සමාගමට පවරා තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය එම කටයුතුවලින් ඉවත්වීමත් සමගයි රක්නා ලංකා සමාගමට එය පවරා තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පෙරේදා සිට රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නිලධාරීන් මාර්ගයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි.

ඒ සඳහා මසකට රුපියල් මිලියන 12 ක් පමණ වැය වන බව ද මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content