උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් සඳහා අධිපෝෂ්‍යදායී ආහාර පැකේජයක් ලබා දීම ආරම්භ කර තිබෙනවා.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ , ලෝක ළමා අරමුදලේ ආධාර ඇතිව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

මේ වනවිට මෙරට උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් 20,000 ක් පමණ හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රාදේශීය රෝහල් කර යොමු කරන වෛද්‍යවරුන් ප්‍රමුඛ කණ්ඩායමක් මගින් ළමයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම අධිපෝෂ්‍යදායී ආහාර පැකේජය ලබා දීමට නියමිත බවයි  පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ.

එම දරුවන් පිළිබඳ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් විශේෂ අධීක්ෂණයකට යොමු කරන බවද අ ය කියා සිටියා.

WhatsApp Group

Skip to content