මහනුවර සිට හැටන් කොටගල දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් ලිස්සාගොස් මාර්ගය හරහා පෙරලිමෙන් මොටර් රථයේ ගමන් ගත් එක් අයෙකු තුවාල ලබා (10) දින කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව දිඹුල පතන පොලිසිය
පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ (10) දින දහවල් 12 ට පමණ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල රොසිටා වත්ත ප්‍රදේශයේදිය.
අධික වේගයෙන් ධාවනය කර ඇති මොටර් රථයේ වේගය පාලනය කරගත නොහැකිව මොටර් රථය ප්‍රධාන මාර්ගය හරහා කිහිප වරක් පෙරලි මාර්ගය අභියස පිහිටි මාර්ග සංඥා කණුවක ගැටි මොටර් රථය නතර වි ඇත.

අනතුරෙන් මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර, අධික වේගය අනතුරට හේතුව බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය පැවසිය.

මේ අතර හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් සිට නුවරඑලිය දක්වා අයහපත් කාලගුණයත් සමග ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙසට දිඹුල පතන
පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

WhatsApp Group

Skip to content