දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළගොස් තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ අත්තනගලු ඔයේ ජල මට්ටම දුනමලේ ප්‍රදේශයෙන් ඉහළගොස් ඇති බවයි.

මේ හේතුවෙන් අත්තනගලු ඔය දෙපස ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
මේ අතර මහවැලි , කළු ,ගිං, මාදුරු ඔයේ ජල මට්ටම්ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රාජංගනය සහ අංගමුව ජලාශයේ වාන් දොරටු දෙක බැගින් විවෘත කර තිබෙනවා.

WhatsApp Group

Skip to content