අධික උණුසුම් කාලගුණය හේතුවෙන් අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 72 හැවිරිදි සිව් දරු පියෙක්.
තමයතුරුපැදියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඔහු එය තල්ලු කරමින් සිටියදී ඇද වැටි ,මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.

හෘදයේ සෛල මිය යාම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි මාතර මූලික රෝහලේ සිදුකළ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ.

පවතින දැඩි උණුසුම් කාලගුණය හමුවේ විශේෂයෙන්ම රෝගීන් වෙහෙසකර කටයුතුවලින් ඈත් වී සිටීමෙන් මෙවැනි හදිසි මියයෑම් අවම කර ගැනීමට හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content