පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග සතුන් සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුකළ යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අනුව සතුන් තාප ආඝාත තත්ත්වයකට හෙවත් හීට් ස්ට්‍රෝක් තත්ත්වයට පත්විය හැකි බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

සතුන් හුස්ම ගැනීම මගින් තම ශරීර උෂ්ණත්වය නියාමනය කරන අතර උෂ්ණත්වය සමග හුස්ම ගැනීම ප්‍රමාණවත් නොවන විට තාප ආඝාතය වර්ධනය විය හැකි බව සදහන්.

මෙහිදි හුස්ම හිරවීම, හුස්ම ගැනීමේදී ඝෝෂාකාරි තත්ත්වයක් පැමිණීම, නොසන්සුන් හෝ කලබල වීම, විදුරු මස් රතු වීම, හෘද ස්පන්දන වේගය වැඩිවීම හා වමනය හා පාචනය වැනි තත්ත්වයන් තාප ආඝාතයත් සමග ඇතිවිය හැකියි.

මේ අනුව බලු පැටවුන්, රෝගී සුනඛයන් හෘද රෝග වැනි නිදන්ගත රෝග පවතින සතුන් මෙම තාප ආඝාත තත්ත්වයෙන් ආරක්ෂා කළ යුතු වනවා.

WhatsApp Group

Skip to content