“තාක්ෂණය හා නවොත්පාදන” යන තේමාව යටතේ මෙම මස 04 සිට 08 වන දින දක්වා ටැන්සානියාවේ සැන්සිබාර් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුවට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහභාගි වෙයි.

නව තාක්ෂණය අධිකරණ කටයුතු සදහා යොදා ගැනීම, ඩිජිටල්කරණය, කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ ආරක්ෂාව, ආබාධ සහිත පුද්ගලයින් සඳහා යුක්තිය සදහා ප්‍රවේශය ශක්තිමත් කිරීම, දේශගුණික ප්‍රතිපත්ති, නීති සම්පාදනය යන තේමාවන් මුලික කර ගනිමින් සැමට යුක්තිය සඳහා ප්‍රවේශවීම තහවුරු කරමින් සමුළුව පැවැත්වෙයි.

සැමට යුක්තිය සදහා ප්‍රවේශයක් සහතික කිරීමේ තිරසර සංවර්ධන 16.3 ට අනුකූලව යුක්තිය සඳහා සමාන ප්‍රවේශය පිළිබඳ ප්‍රකාශ ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක රැස්වීම්වල ප්‍රතිපත්ති විධාන ඉදිරියට ගෙන යාම පිළිබඳව නීති අමාත්‍ය සමුළුවේ අවධානය යොමු වෙයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නීති අමාත්‍යවරුන්, අග්‍රවිනිශ්චයකාරවරුන්, නීතිපතිවරුන්, ඇතුළු උසස් අධිකරණ නිලධාරීන් සමුළුව සඳහා එක්ව සිටින අතර, ටැන්සානියා ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු හා නීති අමාත්‍ය ආචාර්ය Pindi H. Chana මහතා සමුළුවේ ප්‍රධානත්වය දරනු ලබයි.

WhatsApp Group

Skip to content