අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඊට අදාළ චක්‍රලේඛය ඉදිරියේ දී නිකුත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

WhatsApp Group

Skip to content