වතුකර ප්‍රදේශවල විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන  විෂයන් සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සඳහා පුහුණුකරුවන්  ශ්‍රී  ලංකාවට එවීම සඳහා ඉන්දීය රජය  කටයුතු කර තිබෙනවා.

ඉන්දීය සම්භවයක් සහිත ද්‍රවිඩ ප්‍රජාව සඳහා ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා රුපියල් බිලියන 3ක බහු ආංශීය පැකේජය යටතේ ක්‍රියාත්මක කෙරෙන පළමු ව්‍යාපෘතිය වශයෙන්  මෙය සිදු කෙරෙනු ඇති.

මේ සඳහා සුදුසුකම්ලත් පුහුණුකරුවන් නිශ්චිත කාලසීමාවන් සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එවනු ඇති බවයි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සඳහන් කලේ.

මේ අතර රට තුල වසර 25කින් පමණ කිසිඳු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදුව නැති බවයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක  කුමාරතුංග මහ්ත්මිය චෝදනා කරන්නේ. ඇය සඳහන් කරන්නේ මෙරට අධ්‍යාපනය ටියුෂන් මාෆියාවට භාර දී ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/11/CHANDRIKA-BANDARANAYAKA-EDIT.mp3?_=1

මේ අතර   ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ගේ සාක්ෂරතාවය සහ ගණිතමය හැකියාව 15% දක්වා අඩුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ විදුහල්පති සේවයේ පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේදීයී.

https://www.vnews.lk/storage/2023/11/SUSIL-PREMAJAYANTH-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content