මධ්‍යම පළාතේ සියලු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරය වෙත කැඳවීම සදහා පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (27) කටයුතු කර තිබුණා. එහිදී  අධ්‍යාපන ක්ෂේත්‍රයේ බලය බෙදා හැරීමේ අවශ්‍යතාව පිලිබද අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා කියා සිටියේ ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනය යනු තරඟකාරී අධ්‍යාපනය සදහා පෙළඹවීමක් නොවීය යුතු බවයි. විල්ගමුවේ, වලපනේ දරුවාටද මහනුවර දරුවාට ලැබෙන ගුණාත්මක අධ්‍යාපනය ලබාදීමේ වගකීම අධ්‍යාපනය සතු බවත් ඒ සදහා ගුරුවරුන් යොමු කිරීමේ ප්‍රමුඛ වගකීම අධ්‍යාපන කලාප වලට හිමිවන බවත් ඒ නිසාම එකී කාරණා සදහා අවශ්‍ය නිසි බලය ලබා දීම සිදු කරන බවත් එකී බලය අනිසි ලෙස භාවිතා නොකිරීම ඔවුන්ගේ වගකීම බවත්ය

කෙසේ වෙතත් ඇතැමුන්ගේ ක්‍රියාකලාප නිසාවෙන් ගුරුවරුන්ගේ ගෞරවය හානි වන බවත් පසුගිය දිනෙක ලබාදුන් පත්වීම් සදහා වැඩ බාර නොගනිමින් බොහෝ දෙනෙක් තවමත් සේවයට වාර්තා කලයුතු පාසලින් වෙනත් පහසු පාසලක් වෙත මාරු සකසා ගැනීම සඳහා කටයුතු කරන අතර ඒ සදහා ඉඩකඩක් ලබා දීමෙන් වැළකීමේ මධ්‍යම පළාත් තීරණය ක්‍රියාත්මක කරන බවයි. එසේ දැඩි තීරණ නොමැතිව දුෂ්කර පාසල් වල දරුවන් සඳහා නගරයේ පාසල්වල දරුවන්ට හා සමාන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සිහිනයක් වන බව මෙහිදී අවධාරණය කරන ලදී.

පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, පළාත් අධ්‍යාන අධ්‍යක්ෂ ‍අමරසිරි පියදාස යන මහත්ම මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

 

WhatsApp Group

Skip to content