පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අද දිනයේදීත් උදෑසන 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

මේ අනුව අද දින 2024 වසරේ අයවැයට අදාළ අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදය ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවාදය ආරම්භයේදීම කියා සිටියේ අධ්‍යාපනය සදහා මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන්කර ඇති සියයට 1.8 ක වෙන් කිරීම ප්‍රමාණවත් නොවන බවයි.

නිසි ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් දරුවන් හට ලබා දීමට නම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5 ක මුදලක්වත් වෙන්කළ යුතු බවටයි විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියේ.

https://www.vnews.lk/storage/2023/12/SAJITH-EDIT-01.mp3?_=1

මේ අතර විපක්ෂ නායකවරයා කළ ප්‍රශ්න කිරීම් රැසකට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පිළිතුරු ලබා දුන්නා.

එහිදි අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ පවතින ගුරු පුරප්පාඩු පියවීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වගන්තිවලට අනුකූලව ලංකාවේ සිටින ඕනෑම පුරවැසියෙකුට ජාතික භාෂා දෙකෙන් කුමන භාෂාවකින් වුවද අධ්‍යාපනය ලබාගැනීමේ හැකියාව මෙරට තුළ පවතින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ අනුව උසස් අධ්‍යාපන ආයතනවලට ඉංග්‍රීසි භාෂාව පමණක් භාවිත කිරීමට හැකියාව පැවතියද ප්‍රාථමික අධ්‍යාපනය දරුවන්ට සිංහල භාෂාවෙන් පැවැත්වීම අනිවාර්ය බවටයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේජයන්ත් මහතා අවධාරණය කර සිටියේ.

https://www.vnews.lk/storage/2023/12/SUSI-EDIT-03.mp3?_=2

මේ අතර දරුවන්ට ලබා දෙන නිල ඇඳුම් සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් මෙලෙස අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/12/SUSIL-EDIT-02.mp3?_=3

එමෙන්ම පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දීම සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/12/SUSIL-EDIT-01.mp3?_=4

මේ අතර යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරහා සෑම දරුවෙකුටම අවුරුදු 17 න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලසෙනු ඇති බව ද සදහන්.

මෙතෙක් පවතින 13 වසර දක්වා ඇති අධ්‍යාපනය 12 වසර දක්වා අඩු කිරීමට අදාළ යෝජනාවෙන් පියවර ගෙන තිබෙනවා.

ලබන වසර තුළ රාජ්‍ය සේවකයින් ලක්ෂ 10 ක් ඉලක්ක කර ගනිමින් ණය ලබාදීමේ වැඩසටහනකට යොමුවන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශීක අධික්ෂණ කාරක සභාව ලෝහෝර් ආර්යා ණය අරමුදලට උපදෙස් ලබා දී තිබෙනවා.

එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වුණේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ මහජනතාව තුළ තම ආයතනය පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැති බවයි.

එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය හඳුන්වන ක්‍රිබ් යන යෙදුම වෙනස් කිරීමටද අවධානය යොමුව ඇති බවයි එහි නිලධාරීන් අංශික කාරක සභාවට දැනුම් දී ඇත්තේ.

WhatsApp Group

Skip to content