විදුලි ගාස්තු සියයට 22 යි දශම 5 කින් අද සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි .

මහජන උපදේශනයේ දී ඉදිරිපත් වූ යෝජනා හා අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොමිසම සිය තීරණය ඊයේ ප්‍රකාශයට පත් කළා

ඒ අනුව ගෘහස්ත, ආගමික ස්ථාන, හෝටල්, කර්මාන්ත, පොදු කාර්ය හා රාජ්‍ය ආයතන යන කාණ්ඩවල විදුලි ගාස්තු අඩු කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content