අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලැසුම් කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් අද සහ හෙට දෙදින ලෙඩ නිවාඩු වාර්තා කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.
මෙම සේවක සංගමය වැඩ වර්ජනයේ නිරත වන්නේ, අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලමින්.
මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආයුර්වේද වෛදවරුන් අද සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම පවතින ගැටලුවලට අද දිනයේදී විසඳුම් නොලැබෙන්නේ නම් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට අයත් නිලධාරීන් මහ රජයේ විධායක මට්ටහේ නිලධාරීන් හෙට සහ අනිද්දා සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා.
මේ අතර තැපැල් සේවාවට ඇති වී තිබෙන ගැටලු සම්බන්ධයෙන් අද අග්‍රාමාත්‍ය ලේකම්වරයා හා වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
එම සාකච්ඡා ආසාර්තක වන්නේ නම් ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ අද දිනයේදී තීරණය කරන බවයි එම සංගමය සඳහන් කළේ.
මේ අතර ගුරු- විදුහල්පතිවරුන්ට ඇතිවී තිබෙන ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා ලබන 26 වැනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සහ කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බව ගුරු – විදුහල්පතිවරුන් වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය දින 53ක් පුරා පැවැත්වෙනවා.
තම ගැටලු අවම මට්ටමෙන් විසඳාගැනීමට අවශ්‍ය ලිඛිත එකඟතාවයන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලබා දී ඇති බවයි එම විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුව සඳහන් කළේ.
ඊට රජය පාර්ශ්වයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන්නේනම් අද හෝ හෙට වැඩවර්ජනය අවසන් කිරීමට හැකි බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා .

WhatsApp Group

Skip to content