පොළොන්නරුව ප්‍රදේශයේ ගොවීන්ට යූරියා පොහොර මිල දී ගැනීම සඳහා ලබා දී ඇති වවුචර්පත්‍රවලට අද සිට එම පොහොර මිල දී ගතහැකි බව රජය පවසනවා.

පොහොර සමාගමෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කලේ එම වවුචර්පත්‍රවලට යුරියා පොහොර පොළොන්නරුව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබාදීමට කටයුතු යොදා ඇති බවයි.

කොළඹ වරායට පැමිණ ඇති යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් සහිත නැවේ පොහොර ගොඩබෑම අද ඊයේ පස්වරුවේ සිදු කළා.

පසුගිය 11 වනදා පැවැති අධික වර්ෂාව හේතුවෙන් පොහොර ගොඩබෑමේ කටයුතුවලට බාධා එල්ල වී තිබූ බවයි පොහොර සමාගමෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ.

WhatsApp Group

Skip to content