අද සිට දේශීය කිරිපිටි මිල පහත දැමීමට පියවර ගෙන ඇති බව දේශීය කිරිපිටි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

පාරිභෝගික අධිකාරියේ දැනුම් දීම පරිදි ජනතාවට සහන සැලසීමේ අරමුණින් මිල පහළ දමන බවයි එහි සභාපති ආරියසිරි විතානගේ මහතා සදහන් කළේ. එමෙන්ම නව මිල ගණන් පසුව දැනුම් දෙන බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර ආනයනික කිරිපිටි නව මිල ගණන් යටතේ අද සිට වෙළදපොලට නිකුත් කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

පසුගිය සෙනසුරාදා දින ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම 400 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් ද අඩු කරනු ලැබුවා.

මේ අතර එළඹෙන උත්සව සමයේදී කුකු`ඵ මස් සහ බිත්තර මිල ගණන් ඉහළ යාම වැළැක්විය නොහැකි බව සමස්ත ලංකා කුකු`ඵ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා.

ඔහු සදහන් කළේ ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමේ අපහසුතා මත කුකු`ඵ මස් කිලෝවක් රුපියල් 1200 සිට 1400 දක්වා මිල ඉහළ යාමක් සිදු වන බවයි.

WhatsApp Group

Skip to content