කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව අද සිට විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

ඒ, 75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු හේතුවෙන්.

එම පෙරහුරු පෙබරවාරි මස පළමු වනදා, දෙවනදා සහ තුන් වනදා යන දිනවල පැවැත්වෙනු ඇති.

නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන පෙබරවාරි මස හතර වනදා කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව එම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මකයි.

අදාළ දිනවලදී අලුයම පහේ සිට මධ්‍යහ්න දොළහා දක්වා වූ කාලය තුළ මාර්ග කිහිපයකම රථවාහන ගමනාගමනය නතර කරන බවයි බස්නාහිර රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, රෝෂාන් විජේසිංහ මහතා පැවසුවේ.

WhatsApp Group

Skip to content