අනුරාධපුර අටමස්ථානය වන්දනා කීරිම සඳහා විශේෂ බස් සේවාවක් අද සිට ක්‍රියාත්මක වනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ අටමස්ථානාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව මෙය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවයි.

එම බස් සේවාව සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ පසලොස්වක පොහෝ දින තුළද ක්‍රියාත්මකයි.

මේ අතර, මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව අද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ පෙරහැර කාල සීමාව තුළ බස් රථ 350 ක් පමණ ධාවනයට එක්කර ඇති බවයි.

WhatsApp Group

Skip to content