අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අද සහ හෙට යන දෙදින සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර හිමි මත්පැන්හල් සියල්ල වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් තරු පන්ති තුනෙන් ඉහළ හෝටලවල නේවාසික සංචාරකයින් සඳහා සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන සඳහා එය අදාළ නොවන බව සඳහන්.

එමෙන්ම මෙම මස 23 වන දිනට යෙදී ඇති බක්පුර පසළොස්වක පෝය දිනයේදී දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ලම වසා තැබීමටද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.

WhatsApp Group

Skip to content