වැටුප් විෂමතා දිනා ගැනීම වෙනුවෙන් අද පැවැත්වෙන වැඩ වර්ජනයට සිය සංගමය එක් නොවන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා කියා සිටියේ අදාළ ගැටළුව විසදා ගැනීම වෙනුවෙන් සිදුකරන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ අරමුණින් ඇතැම් පාර්ශව කටයුතු කරන බවයි.

අද දිනයේ කැදවා ඇති වැඩ වර්ජනය පිළිබද කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ජෝශප් ස්ටාලීන් මහතා මේ බව ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content