පාර්ලිමේන්තුව අද දින සහ හෙට දින රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පවසනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කර තිබෙනවා .

මේ අනුව අද දින පෙ.ව. 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30 සිට ප.ව. 4.30 දක්වා, වැඩ කටයුතු සිදු කිරීමට නියමිතයි .

එමෙන්ම එහි දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආයුර්වේද පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇති බව සදහන් .

මේ අතර හෙට දින පෙ.ව. 09.30 සිට ප.ව. 4.00 දක්වා බැංකු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමත් එකතු කළ අගය මත බදු පනත යටතේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියමය සහ ආනයන හා අපනයන රෙගුලාසි විවාදයට ගැනීමටත් නියමිතයි .

ඉන්පසු ප.ව. 4.00 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා කියාසිටියේ .

WhatsApp Group

Skip to content