පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයක් සටහන් කර ගන්නා බව, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලු දෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති , පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා  සඳහන්කර සිටියා.

අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක් වූ ඔහු අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීයි මෙලෙස ප්‍රකාශ කරනු ලැබුවේ.

 

WhatsApp Group

Skip to content