අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමෝටිව් ඔපරේටිංග්ස් ඉංජිනේරු සංගමය පවසනවා.

එහි සභාපති චන්දන ලාල් මහතා පැවසුවේ තවත් වෘත්තිය සමිති කිහිපයක් මෙම වර්ජනයට එක්වන බවයි.

මේ අනුව දුම්රිය රියදුරු සංගමය, දුම්රිය නියාමක සංගමය සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය මෙම වැඩවර්ජනය සදහා එක්වන බවද ඔහු සදහන් කළා.

WhatsApp Group

Skip to content