බියගම ජල පවිත්‍රාගාරයට පැය අට හමාරක කාලයක් අද දිනයේ දී ජලය සැපයීම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ සපුගස්කන්ද විදුලි බලාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවනු ඇති.

පෑලියගොඩ, වත්තල, ජා-ඇල කටුනායක, සහ සීදුව නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම් මේ අනුව අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කලේ.

එමෙන්ම කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන සහ මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වලටත් ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටත් ජල සැපයුම් අත්හිටවන බව එම මණ්ඩලය සඳහන් කළා.

WhatsApp Group

Skip to content