පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා .

එහිදී වසර මැද මූල්‍ය තත්ව වාර්තාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ .

මෙම යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් ඉදරිපත් කරනු ලබනවා .

මේ අතර ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය හෙට දිනයේදී පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කලේ .

වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ-ආර්ථික ගැටලු පිළිබඳ කල් තැබීමේ විවාදය 10 දා පැවැත්වීමට නියමිතයි .

පාර්ලිමේන්තුව අද සිට ලබන 11 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරනු ලැබුවා .

WhatsApp Group

Skip to content