ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු වාර්තාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

සභා වාරයේදී සිය නිවේදනය යටතේ කතානායකවරයා කියා සිටියේ මෙම වසරේ ජනවාරි මස සිට ජූලි මාසය දක්වා කාලයට අදාළව එම වාර්තාව සකස් කර ඇති බවයි.

මේ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ තවත් පෙත්සමක පිටපතක් තමන් වෙත ලැබී ඇති බවද ඔහු කියා සිටියා.

එමෙන්ම අද දින ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා විසින් පෞද්ගලික විශ්වවිද්‍යාල අලුතින් ආරම්භ කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදි විපක්ෂය නියෝජනය කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ නිවැරදි නියාමනයකින් තොරව විශ්ව විද්‍යාල ආරම්භ කිරීම තුළින් රට තුළ විශාල අර්බුදයක් නිර්මාණය වනු ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/10/PRASANNA-KIRIELLA-EDIT.mp3?_=1

මේ පිළිබදව අද දින පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/10/WIJEDASA-RAJAPAKSHA-EDIT.mp3?_=2

අදාළ විවාදයේදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ සිය ආණ්ඩු සමයේදී කිසිවිටෙකත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට ඉඩ ලබා නොදුන් බවයි.

https://www.vnews.lk/storage/2023/10/LAKXMAN-KIRIELLA-EDIT.mp3?_=3

WhatsApp Group

Skip to content