දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර 50 ක පමණ වැසි ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද ඇතිවිය හැකි බවටත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

https://www.vnews.lk/storage/2023/10/MALITH-FANANDO-EDIT-1-2.mp3?_=1

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයට තවදුරටත් නායයෑමේ රතු නිවේදන දීර්ඝ කළ බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එමෙන්ම ගාල්ල, හම්බන්තොට, මහනුවර, මාතලේ, නුවරඑළිය, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටද නායයෑමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

මෙය අද පස්වරු 4 දක්වා බලපැවැත්වෙනු ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජේ්‍යෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/10/WASANTHA-SENADHIRA-EDIT-01-.mp3?_=2

මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජේ්‍යෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා.

https://www.vnews.lk/storage/2023/10/WASANTHA-SENADHIRA-EDIT-02.mp3?_=3

මේ අතර යම් ආපදාවක්, නායයෑමක් පිළිබදව පෙරනිමිත්තක් දුටුවහොත් වහාම 117 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අමතන ලෙස එහි අධ්‍යක්ෂ විශා්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පවසනවා.

https://www.vnews.lk/storage/2023/10/SUDANTHA-RANASINGHA-EDIT.mp3?_=4

WhatsApp Group

Skip to content