බොහෝ පළාත්වල අද දින දිවයිනේ පස්වරු1 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව සදහන්.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .

මේ අතර පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් බලංගොඩ – හැටන් ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා.

අප වාර්තාකරු කියා සිටියේ අද උදෑසන පින්නවල ප්‍රදේශයේදී මෙම පස්කන්ද කඩාවැටී ඇති බවයි.

එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල, කළුතර, මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇති නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම අද රාත්‍රී 9 දක්වා දීර්ඝ කර ඇති බවද සදහන් .

WhatsApp Group

Skip to content