තරංගාකාර වායුගෝලීය කැළඹීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණික තත්ත්වයක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මුලතිව්, මාතලේ, පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි අදාල නිවේදනයෙන් දක්වා ඇත්තේ.

යාපනය, වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලට ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර සෙසු ප්‍රදේශවල පස්වරු 1 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සදහන්.

මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා.

https://www.vnews.lk/storage/2023/12/ATHULA-KARUNANAYAKA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content