අද දිනයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ වුණා. ඒ අනුව අද දින සිට ලබන 22 වන දා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

මෙහිදි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතේ නියෝග සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ පළ කර ඇති නියෝග අද දිනයේදී විවාදයට ගැනීමට නියමිතයි.

ඉන් අනතුරුව සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා පස්වරු 5 හේ සිට පස්වරු 5.30 දක්වා කාලය වෙන්කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරිය සදහන් කළා.

මේ අතර පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබද සභාව කල්තැබීමේ විවාදය එළඹෙන 21 වන සහ 22 වන දා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කරනු ලැබුවා.

එමෙන්ම රට තුළ පවතින ක්‍රමය විසින් තමාට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවට විශ්වාස කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.

තමාගේ මෝටර් රථයට එල්ල කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙලෙස අදහස් දක්වා සිටියා.

 

https://www.vnews.lk/storage/2023/09/UDDIKA-EDIT.mp3?_=1

මේ පිළිබදව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/09/SAJITH-EDIT-1.mp3?_=2

මේ අතර අද පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය විසින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හට පාසල් තෙවන වාරය පැවැත්වීම ඇතු`ඵ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් නව යෝජනා රැසක් මෙලෙස ඉදිරිපත් කරනු ලැබුවා.

https://www.vnews.lk/storage/2023/09/ROHINI-KAVIRATHNE-EDIT.mp3?_=3

මේ ඒ සදහා පිළිතුරු ලබා දුන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා.

https://www.vnews.lk/storage/2023/09/SUSIL-EDIT-1.mp3?_=4

මේ අතර අද දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අදාළ වාර්තා පිළිබදව කතානායකවරයාගෙන් විමසා සිටියා.

https://www.vnews.lk/storage/2023/09/SAJITH-PREMADASA-EDIT-1-3.mp3?_=5

WhatsApp Group

Skip to content