රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද දිනයේ සියලු රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබෙනවා.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතා සංවිධානය කර ඇති බව වාර්තා වනවා.

රුපියල් 20,000 ක වැටුප් වැඩි කිරීම මෙන්ම අදාළ වැටුප ජනවාරි මාසයේ සිට ලබාදීම යනාදි ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අද දහවල් 12 ට කෑම පැය තුළ රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධානය කර ඇති අතර එහි ප්‍රධාන විරෝධතාව බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට සංවිධානය කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් රට අර්බුදයකින් ගොඩගන්නා අවස්ථාවක දේශපාලන අරමුණු වෙනුවෙන් විරෝධතා සංවිධානය කිරීම අනුමත කළ නොහැකි බවයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා අවධාරණය කර සිටියේ.

WhatsApp Group

Skip to content