දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

බස්නාහිර, දකුණ, උතුරු සහ උතුරුමැද පළාත්වල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ .

බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ද ඇති විය හැකි බවද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/10/MALITH-FANANDO-EDIT-1-3.mp3?_=1

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් දිය ඇලි ආශ්‍රිතව දිය නෑමෙන් වැළකී සිටින ලෙස බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ අධික වර්ෂාව හේතුවෙන් දිය ඇලි ආශ්‍රිතව ජලය අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.

දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ දියඇලි ආශ්‍රිතව දිය නෑමෙන් වළකින ලෙස සංචාරකයින් ඇතුළු පිරිස්වලින් ඉල්ලීමක් සිදු කරන බවයි.

බණ්ඩාරවෙල ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාවනා අල්ලේ ජලය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

https://www.vnews.lk/storage/2023/10/PRABATH-ABEWARDHANA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content