බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ යන පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසිද බලාපොරොත්තු විය හැකි බවයි.

එමෙන්ම දිවයිනේ නිරත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි කාර්්‍යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කලේ.

https://www.vnews.lk/storage/2023/10/MALITH-FANANDO-EDIT-.mp3?_=1

මේ අතර දිස්ත්‍රික්ක 07 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා .

ගාල්ල , මාතර , කෑගල්ල , රත්නපුර , මහනුවර , කළුතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත්.

WhatsApp Group

Skip to content