අද දිනයේ තවත් තීරණාත්මක ව්‍යවස්ථාදායක සභා රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පොලිස්පති ධූරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්චා කිරීමට නියමිතයි .

ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධූරය සදහා සීඩි වික්‍රමරත්න මහතාගේ නම නිර්දේශ කර ව්‍යවස්ථාදායක සභාව වෙත එවා තිබූ නමුත් පසුගියදා රැස්වූ ව්‍යවස්ථාදායක සභාව දෙවන වතාවටත් එම නම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබුනා .

ව්‍යවස්ථාදායක සභාවේ බහුතරයක් විසින් එම නම ප්‍රතික්ෂේප කොට ඇති බව සදහන් .

කෙසේවෙතත් මෙම ප්‍රතික්ෂේප කිරීම ජනාධිපතිවරයාට දැනුම් දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා යළිත් අද දිනයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

මීට පෙරද ජනාධිපතිවරයා පොලිස්පති ධූරය සදහා සී.ඩී වික්‍රමරත්න මහතාගේ නම නිර්දේශ කොට එවූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාව පියවර ගෙන තිබුනා.

WhatsApp Group

Skip to content