බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු යන පළාවත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද දිනයේදී සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ඇතම් ස්ථානවලට මිලිමීටර් 75 වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම ඉහල ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් ජලාශ අවට වෙසෙන ජනතාව අවධානයෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ .

 

WhatsApp Group

Skip to content