අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා ඒ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සදහයි

එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 65ක් දක්වා වැඩි වන අතර මේ පිළිබඳන අවධානය යොමුකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

WhatsApp Group

Skip to content