බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල අද දිනයේදී ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තු සඳහන් කළේ.

සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලත්, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content