ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශ මෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ තවදුරටත් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 ත් 55 ත් දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

ඩානා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

මේ සම්බන්ධයෙන් ධීවර හා නාවික ප්‍රජාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content