මෙම සතිය තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය පවසනවා .

එම සංගමයේ සභාපති පි.එච්. ගුණසිංහ මහතා සඳහන් කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ බඳවාගැනීමේ පටිපාටියේ පවතින දුර්වලතා ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම පියවර ගන්නා බවයි .

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙකු පැවසුවේ වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් ඉංජිනේරු සංගමය මෙතෙක් අධිකාරිය සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි .

අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ද ඔවුන් මෙතෙක් දැනුවත් කර නොමැති අතර අසනීප නිවාඩු වාර්තා කළහොත් අතිරේක සේවකයින් යොදවා රාජකාරී ආවරණය කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රකාශයකයෙකු සඳහන් කළා.

WhatsApp Group

Skip to content