ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීමට කටයුතු කර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 440ක්.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 386ක් දක්වා රුපියල් 72න් පහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම භූමිතෙල් මිල ලීටරයක රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 245ක්.

කෙසේ වෙතත් 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් වල සහ ඔටෝ ඩීසල් වල මිලෙහි වෙනස් සිදුව නැහැ.

එම මිල ගණන් සංශෝධනය අනුව ලංකා අයි.ඕ.සී සමාගම සහ සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content